covi 1ops roommedia

curfew pass 1

3153 වන පොලිස් දින සැමරුමට සමගාමීව නාරාහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කරන ලද ශල්‍යාගාරයක් හා දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරීම පොලිස් සහයක සේවා හා තොරතුරු තාක්‍ෂණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් 04 වන දින පෙරවරුවේදී පැවැත්විය.

7153 වන පොලිස් දින සමරුම යෙදුණු 2019 සැප්තුම්බර් 03 වන දින පෙරවරු 0700 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සිට රුවන්වැලි සෑ විහාරය දක්වා විචිත්‍රවත් පෙරහැරකින් ගමන් කර කප්රුක් පූජාව පැවැත්විණි.

3ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ 35 වන රණවිරු ගුණ සැමරුම් උත්සවය ගරු ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් 2019 සැප්තැම්බර් 01 වන දින ‍පෙරවරුවේ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්විණි.

3වර්ෂ 1866 ක්වූ සැප්තැම්බර් මස 03 වන දින, විධිමත්ව නෛතික රාමුවක් තුල ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලිසිය, අභිමානවත් වූ සිය 153 වන පොලිස් දිනය 2019 සැප්තැම්බර් 03 වන අද දින පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී ඉතා අභිමානවත්ව සමරන ලදී.

ලෝක කුසලාන පොලිස් ක්‍රිකට් කිරුළ හිමි කරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම හරසරින් පිළිගනී.ලෝක කුසලාන පොලිස් ක්‍රිකට් කිරුළ හිමි කරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් 02 වන දින පස්වරුවේ පොලිස් මුලස්ථානයේදී සිදුවිය.

විශිෂ්ඨ දක්ෂතා දැක් වූ රත්නපුර පොලිස් නිලධරයන් හට ත්‍යාග මුදල් පිරිනැමේ.රත්නපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ විශිෂ්ඨ සේවය ඇගැයීමේ උත්සවයක් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු 28 වන දින රත්නපුර ලෙල්ලෝපිටිය සිල්වරේ උත්සව ශාලාවේදී පවත්වන ලදී.