තෙල්දෙණිය පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් සේරම් මහතා විසින් රචිත “අපරාධ විමර්ශනයෙහි ඵලදායිතාවයට බලපානු ලබන විද්‍යාත්මක ක්‍රමවේද” යන මැයෙන් වූ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය මහනුවර/මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) මහනුවර මූලස්ථාන පොලිස් ස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
මාර්තු 8 දිනට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය මගින් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර ඒ අනුව පවත්වන ලද වැඩසටහනක් 2021.03.08 වන දින ළමා හා කාන්තා කාර්යංශයේ අධ්යක්ෂ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස්නැවතුම්පලේදී පවත්වන ලදී.
මුළු ලොවෙහිම වසංගතයක් බවට පත්ව ඇති COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දකුණු ආසියාවේ උසස්තම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන Serum Institute Of India නම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද COVISHIELDTM (Oxford-AstraZeneca) එන්නත, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්දනයට සෘජු දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත ලබාදීම 31.01.2021 වන දින නාරාහේන්පිට පොලිස් රෝහලේදී ආරම්භ කරන ලදි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2021.02.16 දින කොහුවල පොලිස් වසමේ පැපිලියාන පාරේ පිහිටි නවාතැන් පහසුකම් සපයන ස්ථානයක තිබී හෙරොයින් කිලෝ 5 යි ග්‍රෑම් 125 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 25 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
2021.02.12 වන අද දින උදෑසන 11.45 ට පමණ බස්නාහිර පලාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපාර, කොළඹ 08 ලිපිනයේ පිහිටි කල් ඉකුත් වූ රසායනාගාර උපකරණ බෙදා හරින බවට ලද තොරතුරක් මත ජාතික ඖෂද නියාමන අධිකාරියේ නිලධාරීන් කන්ඩායමක් සමග වැටලීමක් සිදුකර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය බස්නාහිර පළාත විසින් සංවිධානය කරන ලද අඩු ආදායම්ලාභි දරුවන්ට අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ උත්සවයක් මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.01.10 වන අද දින උදෑසන 10.00 ට ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මඩොල්සිම පොලිස් වසමේ අමුණුවත්තේ ගෙදර, බකිණිලන්ද, මැටිගහතැන්න ලිපිනයේ නිවසක කුඩා දැරියක් අනාරක්ෂිතව සිටින බවට 2020 දෙසැම්බර් 17 වන දින මඩොල්සිම පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරන ලදී.
කොරෝනා වසංගතය මැඩලීම හා පාලනය සඳහා වූ පොලිස් රාජකාරීවල නිරත වෙමින් සිටියදී දැනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටින පොලිස් නිලධරයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභ සාධන කටයුතු සොයා බලා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම සදහා විශේෂ වැඩසටහනක් වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් ක්‍රියාත්මක කර ඇත.
වර්තමාන සමාජය තුළ සිදුවන අපරාධ, නීති විරෝධී ක්‍රියා, මත්ද්‍රව්‍ය උවදුර හා ළමා අපචාර ක්‍රියා වළක්වා ගැනීම පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත.