2020 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් බස්නාහිර පළාත තුල සේවය කරන පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා ත්‍යාග ප්‍රධාන උත්සවයක් 2021.02.05 වන දින සවස 03.00 ට වැලිකඩ මහින්දාරාම විහාරස්ථාන ශ්‍රවනාගාරයේදී මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය ගරු සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) ජගත් අබේසිරිගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.02.05 වන දින පස්වරු 03.00 ට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විය.
“ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” පාඨය තේමා කර ගනිමින් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් ලෙස අද පෙරවරුවේදී (2021.02.04) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.
මුළු ලොවෙහිම වසංගතයක් බවට පත්ව ඇති COVID 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දකුණු ආසියාවේ උසස්තම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන Serum Institute Of India නම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද COVISHIELDTM (Oxford-AstraZeneca) එන්නත, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මර්දනයට සෘජු දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත,
ඔස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ Australian Aid සංවිධානය විසින් ශ්‍රී ලංකා පොලිස් රෝහලට වෛද්‍ය උපකරණ ප්රදානය කිරීමේ උත්සවයක් 2020 දෙසැම්බර් 16 වන දින උදෑසන 0830 ට නාරාහේන්පිට පොලිස් රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි රොබට් විල්සන් (Robert Wilson) මහතා විසින් අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍යනාශක, ළමා හා කාන්තා කාර්යංශය සහ මැතිවරණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ලලිත් පතිනායක මහතා වෙත මෙම වෛද්‍ය උපකරණ ප්‍රධානය කරන ලදී.
මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි අභිවෘද්ධිය සහ සැලසුම් සඳහා විශේෂ සාකච්ඡාවක් 2020.12.14 වන අද දින ටොරින්ටන් හී පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා 2020.12.14 වන අද දින පෙරවරු 09.10 ට යෙදුණු සුභ මොහොතින් ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ජායනා මධ්‍යයේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීම සිදුකරන ලදී.
ජාතික පොලිස් කොමිෂමේ 6 වන කොමිෂන් සභාවේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පොලිස් කොමිෂමේ ගරු සභාපති (විශ්‍රාමික පොලිස්පති) චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් 10 වන අද දින උදෑසන යෙදුණ සුභ මොහොතින් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාතික පොලිස් කොමිෂන් සභාවේදී සිදු කෙරිණ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (30) බත්තරමුල්ල පිහිටි සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීම සිදු කළේය.