top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් ලෙස 70 වන ජාතික නිදහස් දින සැමරුම සඳහා සහභාගි වෙයි. PDF Print

“එකම ජාතියක්” යන පාඨය තේමා කර ගනිමින් පැවති 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2018 පෙබරවාරි 04 දින අති උත්කර්ෂවත් ලෙස කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ‍උත්සවය සදහා ආගමික නායකයින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කථානායකතුමන්, අගවිනිසුරුතුමන්, මැතිඇමතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන්, පොලිස්පතිතුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු රාජ්‍යත්‍රාන්තික නිලධාරීන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක්ද සහභාගි වූහ.

මෙවර නිදහස් උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස එක්සත් රාජධානියේ වෙසේක්ස් ප්‍රාන්තයේ ආදිපාද එඩ්වඩ් කුමරු සහ එම ආර්යාව සොපී කුමරියද සහභාගි වූහ. 

පොලිස් සහ ත්‍රිවිධ හමුදා පෙරගමන් රථ පෙළ හා පොලිස් අශ්වාරෝහක කණ්ඩායමේ අලංකාරවත් පෙරහැරකින් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන පීඨිකාව අසලට කැඳවා ගෙන ආ අතර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යතුමන් විසින් අතිගරු ජනාධිපතිතුමන් පිළිගැනීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය. 

අනතුරුව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ජාතික ශිෂ්‍ය භට බලකායේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පෙළපාලිය 70 වන නිදහස් දින සැමරුම වර්ණවත් කිරීම සදහා තම දායකත්වය ලබා දෙන ලදී. 

වසර 151 ක පෞඩ ඉතිහාසයකින් හෙඹි ශ්‍රී ලංකා පොලිසියේ තේජාන්විත භාවය, ශක්තිය හා ඥානය පිළිඹිබු කරමින් පොලිස් ලාංඡනය තුල නිර්මිත හස්තියා සිහිගන්වමින් අභීත හස්තියා අතිගරු ජනාධිපතිතුමන්ට උත්තමාචාර දැක්වීම සදහා පෙළපාලියට එක්වන ලදී. එමෙන්ම 1873 වර්ෂයේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම තූර්ය වාදන කණ්ඩායම වන පොලිස් තූර්ය වාදන කණ්ඩායමද පෙළපාලිය සදහා එක්වූ අතර සහකාර පොලිස් අධිකාරී තිස්ස විතානගේ අණදුන් පිරිමි බල ඇණිය, කාන්තා පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි අණ දුන් කාන්තා බල ඇණිය, සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න අණ දුන් පිරිමි බල ඇණිය සහ කාන්තා පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය අණ දුන් කාන්තා බල ඇණියද පෙළපාලිය සදහා එක්වෙමින් අතිගරු ජනාධිපතිතුමන්ට තම උත්තමාචාරය පිරිනමන ලදී. 

අනතුරුව “නියතයි ජය” තේමා පාඨය කර ගනිමින් 1983 වර්ෂයේදී ස්ථාපිත කරන ලද පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී එම්.එම්.කේ විජේසිංහ අණ දුන් පිරිමි බල ඇණිය සහ කාන්තා පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.කේ. රාජපක්ෂ විසින් අණ දුන් කාන්තා බල ඇණියද අතිගරු ජනාධිපතිතුමන්ට උත්තමාචාර දක්වමින් පෙළපාලියේ ගමන් කරන ලදී. 

ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් ලෙස 70 වන ජාතික නිදහස් දින සැමරුම සඳහා සහභාගි වෙයි.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,