top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration - 2018

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි

හදිසි ගංවතුර ආපදාවන්ට හසු වු පිරිස් ඉන් මුදවා ගැනිමට ශ්‍රී ලංකා පොලිසිය වෙත යාන්ත්‍රික යාත්‍රා සහ අඟුල්. PDF Print

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂමව හා ඵලදායීව රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත හදිසි ආපදා තත්වයන්ට නිරන්තරයෙන් ලක් වන ග්‍රාම සේවා වසම් අයත් පොලිස් කොට්ඨාසයන් වෙත යාන්ත්‍රික යාත්‍රා ලබාදීමේ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත. එම වැඩපිළිවෙළේ පළමු අදියර ලෙස පොලිස් කොට්ඨාසයන් 20 ක් සඳහා යාන්ත්‍රික යාත්‍රා සහ අඟුල් බෙදාදීමේ සමාරම්භක උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මාර්තු 13 දින පැය 1400 ට පමුණුගම ලියෝ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් නොමිලේ ප්‍රදානය කරන ලද රුපියල් මිලියන 297 කට ආසන්න වටිනාකමින් යුත් යාන්ත්‍රික යාත්‍රා 66 ක්, අඟුල් 53 ක් හා මෝටර් එන්ජින් 05 ක් පොලිස් කොට්ඨාසයන් සඳහා බෙදා දීම සිදු කරන ලදී. 

පසුගිය කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශයන් තුළ සිදු වූ ජල ගැලීම් වලදී විපතට පත් ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ අවතැන් වූ පුද්ගලයන්ගේ සුබසාධන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් මෙන්ම අනෙකුත් පොලිස් ස්ථානයන්හි නිලධාරීන් විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. එසේ ඉටු කරන ලද කාර්ය භාරය, ඉදිරියේදී ඇති විය හැකි හදිසි ජල ගැලීම් වැනි ආපදා තත්වයන් වලදී වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අද දින ලබා දෙනු ලැබූ මෙම යාන්ත්‍රික යාත්‍රා සහ අඟුල් උපකාරි වනු ඇති බව පොලිස්පතිතුමා අවධාරණය කරන ලදි. 

බස්නාහිර පළාත, අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නන්දන මුණසිංහ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රවී වෛද්‍යලංකාර, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හදිසි ආපදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ, බ්‍රිගේඩියර් ආරියරත්න, ත්‍රිවිධ හමුදා සම්බන්ධිකරණ නිලධාරි, කපිතාන් රවීන්ද්‍ර වීරසිංහ, බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ, පොලිස් නාවික කොට්ඨාසය භාර අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එච්. චූලසිරි යන මහත්වරුන් ඇතුළු පොලිස් කොට්ඨාස 20 ක නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

හදිසි ගංවතුර ආපදාවන්ට හසු වු පිරිස් ඉන් මුදවා ගැනිමට ශ්‍රී ලංකා පොලිසිය වෙත යාන්ත්‍රික යාත්‍රා සහ අඟුල්.

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police

Online Clearance Certificate

Police Nortable Services

151 පොලිස් දින සැමරුම ඉරිදා ආයුබෝවන් රූපවාහිනී වැඩ සටහන.
police wiru diyanaya

Police Special Events

Polie Sports News

Rights of persons in Police Custody

Rights of persons in Police Custody

send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931

bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,