covi 1ops roommedia

 45 වන ජාතික අතරමැදි වයස් කාණ්ඩ පිහිණුම් තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට ජයග්‍රහණ රැසක්.ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ 2019 “45 වන ජාතික අතරමැදි වයස් කාණ්ඩ පිහිණුම් තරඟාවලිය” 2019 අගෝස්තු 25 වන දින සුගතදාස පිහිණුම් තටාංගනයේදී පැවැත්විය.

2019 M.A.N. වික්‍රමසිංහ අනුස්මරණ කුසලාන තරඟාවලියේ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා පොලීසිය දිනා ගනී. කොළඹ දිස්ත්‍රික් කඹ ඇදීමේ සංගමය සහ ජාතික කඹ ඇදීමේ සංගමය ඒකාබද්ධව 05 වන වරටත් සංවිධානය කරන ලද “M.A.N. වික්‍රමසිංහ අනුස්මරණ කුසලානය - 2019” තරඟාවලිය 2019 අගෝස්තු මස 24 වන දින කුරුණෑගල වැහැර ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

ජාතික මට්ටමේ මල්ලවපොර තරගාවලියකදී ශ්‍රී ලංකා පොලිස් මල්ලවපොර කණ්ඩායම ශූරතාවය හිමිකර ගනී.2019 අගෝස්තු මස 17 හා 18 යන දෙදින තුළ ජාතික මට්ටමේ මල්ලවපොර තරඟාවලියක් කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වන ලදී. එම තරඟාවලිය බර පංති 10 ක් යටතේ පවත්වන ලද අතර, එහිදී ශ්‍රී ලංකා පොලිස් මල්ලවපොර කණ්ඩායම රන් පදක්කම් 04 ක්, රිදි පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 04 ක් සමඟින් සමස්ත තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා ලදී.

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ හිමිකර ගනීඑංගලන්තයේ වූස්ටන් නගරයේදී පවත්වන ලද 06 වන පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම පරදා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ශූරතාවය හිමි කර ගැනීමට සමත්විය.

එංගලන්තයේ වූස්ටන් නගරයේදී පවත්වන ලද 06 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේදී බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම පරදා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවය 2019.08.17 දින හිමිකර ගෙන ඇත.

විවෘත පාපැදි තරඟාවලියේ රිදී පදක්කම ශ්‍රී ලංකා පොලීසියට.අතුරුගිරිය සමඟි ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරනු ලැබු විවෘත පාපැදි තරඟාවලියක් පසුගිය (16) දා අතුරුගිරිය, පහත්ගම, මාලඹේ ප්‍රදේශයේ පැවැත්විණි. මෙම පාපැදි තරඟය සඳහා පාපැදි ක්‍රීඩා සමාජ 22 කින් ක්‍රීඩකයින් 158 දෙනෙකු සහභාගි විය.

අන්තර් පළාත් වූෂු තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට පදක්කම් රැසක්.අන්තර් පළාත් හා දීප ව්‍යාප්ත සංගම් වූෂු තරඟාවලිය පසුගිය 15, 16 හා 17 යන දිනවල මහනුවර පොල්ගොල්ල සමූපකාර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

2019  රගර් පිලිමළුන් පිටු දැකීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජය.ශ්‍රී ලංකා රගර් පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 2019 රගර් පිලිමළුන් පිටුදැකීමේ තරඟාවලියේ ප්‍රථම තරඟය පසුගිය (15) දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී ශ්‍රී ලංකා පොලිස් රගර් කණ්ඩායම සහ CR & FC කණ්ඩායම අතර පැවැත්විණි.

ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව තරඟයේ ජය ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායමට.. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව තරඟය පසුගියදා (2019 මාර්තු 10) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම සහ නිව් ස්ටාර් පාපන්දු කණ්ඩායම අතර පැවැත්විණි.