covi 1ops roommedia

×

Warning

JUser: :_load: Unable to load user with ID: 557

ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ අවසන් පුර්ව තරඟයේ ජය ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායමට.. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව තරඟය පසුගියදා (2019 මාර්තු 10) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම සහ නිව් ස්ටාර් පාපන්දු කණ්ඩායම අතර පැවැත්විණි.

ශ්‍රී ලංකා පොලීසිය අන්තර් සමාජ ඩයලොග් ලීග් රගර් අවසන් මහා තරඟාවලියේ ජය හිමිකර ගනී.ශ්‍රී ලංකා රගර් සම්මේලනය මඟින් සංවිධානය කරන ලද අන්තර් සමාජ ඩයලොග් ලීග් තරඟාවලියේ පලඟ ශූරතා අවසන් මහා තරඟය ශ්‍රී ලංකා පොලිස් හා යුද හමුදා රගර් කණ්ඩායම් අතර 2019 මාර්තු 02 දින වැලිසර නාවික හමුදා රගර් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

ඩයලොග් අන්තර් සමාජ සුපර් ලීග් තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජය.ශ්‍රී ලංකා රගර් සම්මේලනය මඟින් සංවිධානය කරන ලද ඩයලොග් අන්තර් සමාජ රගර් තරඟාවලියේ සුපර් ලීග් වටයේ තරඟයක් පසුගිය (24) දා බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ ශ්‍රී ලංකා පොලිස් රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා රගර් කණ්ඩායම අතර වේ.

පොලිසිය හා මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්පන්දු තරඟාවලියක්. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සංකල්පයකට අනුව පොලිසිය හා මහජනතාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අත්පන්දු තරඟාවලිය 2019 පෙබරවාරි 17 වන දින ගම්පහ මුදුන්ගොඩ අත්පන්දු ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.

2019 අන්තර් කොට්ඨාස පොලිස් මලල ක්‍රීඩා උළෙලෙහි රත්නපුර දිස්ත්‍රික් තරඟාවලිය සාර්ථකව නිමා වේ.රත්නපුර කොට්ඨාස අන්තර් දිස්ත්‍රික් පොලිස් මලල ක්‍රීඩා උළෙල රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පද්මසිරි මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 පෙබරවාරි 09 වන දින දවස පුරා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී.

IX වන තදින් පහරදීමේ ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට රන් පදක්කමක්. 2019 වර්ෂයේ ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය මගින් සංවිධානය කරන ලද IX වන තදින් පහරදීමේ ශූරතා තරගාවලිය පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

1ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පාපන්දු තරඟාවලියේ සහභාගී වු පස්වන තරඟයේ ජය ශ්‍රී ලංකා පොලිසියට.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පාපන්දු තරඟාවලියේ පොලිස් කණ්ඩායම සහභාගි වූ පස්වන තරඟය 2018.12.19 වන දින ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කණ්ඩායමත් සමග ඒකල ගුවන් හමුදා පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

ශ්‍රී ලංකා පොලීසිය ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ හයවන තරගයේ ජය ලබයි.ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ හයවන තරගය 2018 දෙසැම්බර් 15 වන දින ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමත් සමග බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඩයලොග් ලීග් “ඒ” කොටසේ රග්බි තරඟාවලියේ පස්වන තරගයේ ජය ශ්‍රී ලංකා පොලීසියට.ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ඩයලොග් ලීග් “ඒ” කොටසේ රග්බි තරඟාවලියේ පොලිස් කණ්ඩායම සහභාගි වූ පස්වන තරගය 2018 දෙසැම්බර් 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමත් සමග බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.