covi 1ops roommedia

J.S.K.A. - 2018 කරාතේ ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට පදක්කම් රැසක්.J.S.K.A. කරාතේ සංගමය මගින් 08 වන වරටත් සංවිධානය කරන ලද J.S.K.A. – 2108 කරාතේ ශූරතාවය 2018 දෙසැම්බර් 09 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

2018 ජාතික මල්ලවපොර තරඟාවලියෙන් පොලීසියට ජයග්‍රහණ රැසක්.ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය විසින් 78 වන වරට සංවිධානය කරනු ලැබූ 2018 ජාතික මල්ලවපොර ශූරතා තරඟාවලිය 2018 දෙසැම්බර් මස 01 දින සිට 04 දින දක්වා මීගමුව කඩොල්කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

2018 සෙපක්ට්‍රැක්රෝ ජාතික ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ රැසක්.ශ්‍රී ලංකා සෙපක්ට්‍රැක්රෝ සංගමය විසින් 14 වන වරට පවත්වනු ලැබූ 2018 සෙපක්ට්‍රැක්රෝ ජාතික ශූරතාවලිය පසුගියදා (2018 නොවැම්බර් 24 සහ 25) වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ අතර ඒ සඳහා පොලිස් සෙපක්ට්‍රැක්රෝ කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 22 ක් නියෝජනය කරමින් ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 150 දෙනෙකු පමණ සහභාගි විය.

ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ 01 වන කොටසේ ජය ශ්‍රී ලංකා පොලීසියට.ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබු ප්‍රීමියර් ලීග් පාපන්දු තරඟාවලියේ (01) වන කොටසේ තරඟය ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම හා මහනුවර හයිලයින්ඩ් කණ්ඩායම අතර පසුගිය (2018 දෙසැම්බර් 02) දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

93 වන ජාතික බොක්ෂිං තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට රන් පදක්කමක් ඇතුළු පදක්කම් රැසක්.ශ්‍රී ලංකා බොක්ෂිං සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ 93 වන ජාතික ශූරතා බොක්ෂිං තරඟාවලිය 2018 නොවැම්බර් 20 දින සිට 23 දින දක්වා කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

විවෘත වෙඩි තැබීමේ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට ලෝකඩ පදක්කමක්ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංගමය මඟින් පස්වන වරට සංවිධානය කරනු ලැබූ විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය වැලිසර නාවික හමුදා වෙඩිතලාවේදී 2018.10.05 වන දින සිට 2018.10.15 දින දක්වා පැවැත්විණි.

ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවය 2018 - කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා පොලීසියට ලෝකඩ පදක්කමක් ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා සංගමය මගින් වසර දෙකකට වරක් පවත්වනු ලබන ප්‍රවීනයන්ගේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවය 2018, මෙවර ස්පාඤ්ඤයේ මගාලා නුවරදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විය.

ප්‍රථම වරට ශ්‍රී ලංකා පොලිස් කාන්තා රගර් සංචිතයක්.වසර 152 ක පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් කාන්තා රගර් සංචිතයක් පිහිටුවීම ගරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ පොලිස් රගර් සංගමයේ සභාපති වන අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍යනාශක සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් 12 වන දින පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේදී සිදුවිය.

ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවලින් ජය හිමි කර ගත් පොලිස් ක්‍රීඩකයින් ඇගයේ.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පවත්වනු ලබන පොදු හා මූල්‍ය කාරක රැස්වීම 2018 සැප්තැම්බර් 13 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.