covi 1ops roommedia

×

Warning

JUser: :_load: Unable to load user with ID: 557

පොලිස් අන්තර් කොට්ඨාස පැසිපන්දු තරඟාවලියේ ජය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයට.ඊ.එල්. අබේගුණවර්ධන අභියෝගතා කුසලාන අන්තර් කොට්ඨාස පැසිපන්දු තරඟාවලිය 2018 සැප්තැම්බර් 05 වන දින සිට සැප්තැම්බර් 07 වන දින දක්වා බම්බලපිටිය පොලිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණි.

“එස්.එල්.ටී. ස්පීඩ් අප්” පාපැදි සවාරියේ පොලිස් ක්‍රීඩකයින්ගෙන් විශිෂ්ට දස්කම්.ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ප්‍රධානතම පාපැදි තරඟය වන “එස්.එල්.ටී. ස්පීඩ් අප්” පාපැදි සවාරියේ මේ වන විට නිකුත් වී ඇති ප්‍රථිපල අනුව සමස්ථ තරඟාවලියේ දෙවන හා පස්වන ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන අවිශ්ක උමයංග සහ සුදීර නිලංග සමත්වී ඇත.

2018 රාජ්‍ය සේවා T 20 ක්‍රිකට් තරඟාවලියේ ජය වව්නියාව පොලිස් කොට්ඨාසයට.2018 රාජ්‍ය සේවා T 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය වව්නියාව පොලිස් කොට්ඨාස ක්‍රිකට් කණ්ඩායම හා වයඹ පළාත් සභා ක්‍රිකට් කණ්ඩායම අතර පසුගිය (01) දා දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.

72 වන ඉන්දියානු නිදහස් දින ශූරතා කුසලාන අත්පන්දු තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට රන් පදක්කමක්.මහියංගනය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරි කර දැනට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදාවේ දකුණු සුඩානයේ රාජකාරි වාර්තා කර සිටින ප්‍රධාන පොලිස් පරීක්‍ෂක, එම්.ආර්.එස්. තිස්ස කුමාර මහතා 72 වන නිදහස් දින ඉන්දියානු අත්පන්දු තරඟාවලිය සඳහා ඔහුගේ නායකත්වයෙන් යුතු අත්පන්දු කණ්ඩායම 2018 අගෝස්තු 12 වන දින පැවති අවසන් මහා තරඟයෙන් ශූරතාවය දිනා ගනිමින් කුසලාන හා රන් පදක්කම හිමිකර ගැනිමට සමත්ව ශ්‍රී ලංකා පොලිසියට ඉමහත් කීර්තියක් අත්කර දි ඇත.