top
logo

Police Recruitments

crime statistics

Tender Notice

Supplier Registration

Sri Lanka Police Telephone Index

Sri Lanka Police Email Index

Forms & Applications Downloads

community police perception survey

cyber crime

SPOM

උසස් කිරිමේ හා බදවා ගැනිමේ පටිපාටි



නීතිය හා සාමය අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් මීතොටමුල්ලේ සහන කටයුතු සම්බන්ධව සොයා බලයි. PDF Print E-mail

නීතිය හා සාමය අමාත්‍යතුමන් සහ පොලිස්පතිතුමන් මීතොටමුල්ලේ සහන කටයුතු සම්බන්ධව සොයා බලයි.මීතොටමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයේ සිදුවූ අනතුරින් විපතට පත් වූවන්ගේ සුවදුක් සොයා බැලීම සදහා නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 17 (ඊයේ) දින මීතොටමුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

 
ශ‍්‍රී ලංකා පොලිසිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරයි. PDF Print E-mail

ශ‍්‍රී ලංකා පොලිසිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරයි.

ශ‍්‍රී ලංකා පොලිසිය විසින් සංවිධානය කරනු ලැබු සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය 2017 අපේ‍්‍රල් මස 17 වන අද දින පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.

 
සහන කටයුතු පිළිබද සොයා බැලිමට පොලිස්පතිතුමන් අදත් මීතොටමුල්ලේ සංචාරයක. PDF Print E-mail

සහන කටයුතු පිළිබද සොයා බැලිමට පොලිස්පතිතුමන් අදත් මීතොටමුල්ලේ සංචාරයක.

කොලොන්නාව මීතොටමුල්ල කසල බැහැර කරන ස්ථානයේ සිදුවූ නාය යාම හේතුවෙන් අපදාවට පත්වූවන් වෙනුවෙන් සිදු කරනු ලබන සහන කටයුතු සම්බන්දව සොයා බැලීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2017.04.16 වන අද දිනයේත් එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එම අවස්ථාවට නිතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතාද එක් විය.

 
පූජ්‍ය තිනියාවල පාලිත හිමියන්ගෙන් පොලිස්පතිතුමන්ට ආශීර්වාද PDF Print E-mail

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2017.04.15 වන දින නුගේගොඩ නාලන්දාරාමය විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර උන්වහන්සේ සමග සුහද පිළිසදරකද නිරත විය.

 
කෝට්ටේ විහාරස්ථානයේදී පවත්වන ලද හිස තෙල් ගෑමේ උත්සවයට පොලිස්පතිතුමන් සහභාගි වේ. PDF Print E-mail

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉෂ්ඨ කිරීමේ උත්සවය කෝට්ටේ රජමහා විහාරස්ථානයේදි ඊයේ (15) පෙ.ව 11.04 ට යෙදනු සුභ මොහොතින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගිත්වයෙන් පැවත්විණි.  එහිදී පොලිස්පතිතුමන් ඇතුළු පැමිණ සිටි සියලූ දෙනාට සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ  සුබ නැකතට හිස තෙල් ගැල්වීම සිදු‍ කරන ලදී.

 
මීතොටමුල්ල ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරින් නිරත වේ. PDF Print E-mail

මීතොටමුල්ල ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරින් නිරත වේ. කොලොන්නාව මීතොටමුල්ල කසල බැහැර කරන ස්ථානයේ සිදුවූ නායයෑමෙන් ඒ අසල පිහිටි නිවාස රැසක් විනාශ වූ අතර, එහිදි පීඩාවට පත් වැසියන් වෙත සහන සැලසීම සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා (අද) 15 පෙරවරුවේ  එම ස්ථානය වෙත පැමිණෙන ලදි.

 
පොලිස් විරුවන්ගේ යැපෙන්නන් සදහා ත්‍යාග වවුචර්පත් PDF Print E-mail

පොලිස් විරුවන්ගේ යැපෙන්නන් සදහා ත්‍යාග වවුචර්පත්

කෑගල්ල කොට්ඨාසයේ පොලිස් රණවිරු පවුල්වල යැපෙන්නන් හට ත්‍යාග වවුචර්පත් ලබාදීම කෑගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ.ඩි. සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.04.11 දින කෑගල්ල පොලිස් ස්ථානයේදි සිදු කෙරිණ.

 
රත්නපුර කොට්ඨාසයේ විශිෂ්ඨ ලෙස රාජකාරි ඉටු කල නිලධාරින් සදහා ත්‍යාග මුදල් PDF Print E-mail

රත්නපුර කොට්ඨාසයේ විශිෂ්ඨ ලෙස රාජකාරි ඉටු කල නිලධාරින් සදහා ත්‍යාග මුදල්

විශිෂ්ඨ ලෙස රාජකාරි ඉටු කල රත්නපුර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහා ත්‍යාග චෙක්පත් ප්‍රදානය කිරීම 2017.04.11 වන දින රත්නපුර නව නගර ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණ. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සබරගමුව හා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ ප්‍රනාන්දු මහතා  සහභාගි වූ අතර රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

 
« StartPrev12345678910NextEnd »

Page 4 of 217

Inspector General of Police - Pujith Jayasundara

Pujith Jayasundara
Inspector General of Police


Online Clearance Certificate

80 th police sports meet

Police Nortable Services
police wiru diyanaya

Police Special Events
send your information

Get Help

Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444

Information Room:
+94 11 2854931


bottom

Site Designed & Maintenance by : Sri Lanka Police, Information Technology Division,