ග්‍රේට්වෙසටන් වත්ත, තලවකැලේ ප්‍රදේශයේ පදිංචි පවුල් තුනකට අයත් වයස අවුරුදු 14 ක් වූ පිරිමි දරුවෙක් සහ වයස අවුරුදු 16 ක් වූ ගැහැණු දරුවන් තිදෙනෙකු තම නිවෙස් අතහැර පිටවගොස් තිබේ. ග්‍රේට්වෙස්ටන් පාසල වෙත අමතර පංති සඳහා පිටත්ව ගොස් නැවත නිවෙස් කරා පැමිණ නැති ඔවුන් නිවෙස් අතහැර යන බව දුරකථන ඇමතුමකින් නිවැසියන් දැනුවත් කර ඇති අතර ගමනාන්තයක් පිළිබඳව සඳහන් කර නොමැත. පිටවගොස් ඇති දිනය ලෙස වාර්තා වී ඇත්තේ 2024.07.14 වන දින උදෑසනය. -ළමුන් පිළිබඳ විස්තර- (01) මුරලි ක්‍රිෂ්ණන් ලක්ෂිකාවයස අවුරුදු 16 යි (ස්ත්‍රී) – උස අඩි 05 අගල් 01 – කෙට්ටු, තලෙලු අවසන් වරට ඇඳ සිටි ඇදුම – රතු පැහැ කමිසයක්, රෝස පාට ජර්සියක් සහ රතු පැහැ ලෙගින් එකක් (02) රාජගුරු ගෝබිශාගර්වයස අවුරුදු 14 යි ( පුරුෂ) – උස අඩි 05 අගල් 01 – තලෙලු පැහැයඅවසන් වරට ඇඳ සිටි ඇදුම් – ලා කහ පැහැ අත් දිග කමිසයක්, ලා නිල් පාට ඩෙනිමක් (03) රාජගුරු මිදුෂාවයස අවුරුදු 16 යි (ස්ත්‍රී) – උස අඩි 05 – තලෙලු පැහැයඅවසන් වරට ඇඳ සිටි ඇදුම් මෙරුම් පාට දිග බලවුස් එකක්, නිල්පාට ඩෙනිම් කලිසමක් (04) සුන්දර් රාජ් දර්ශනීවයස අවුරුදු 16 යි (ස්ත්‍රී) – උස අඩි 05 – තලෙලු පැහැයඅවසන් වරට ඇඳ සිටි ඇදුම් – තද නිල් පාට දිග බ්ලවුස් එකක් සහ සුදු පාට ලෙගින් එකක් යම් තොරතුරක් ඔබත් දන්නේද? දැනුම් දෙන්න –තලවකැලේ පොලිස් ස්ථානය – 052 2258222තලවකැලේ පොලිස් ස්ථානාධිපති – 071 8591103