Uncategorized – Page 6 – SRI LANKA POLICE

Uncategorized

Uncategorized

ශ්‍රී පුර ඝාතනයේ ප්‍රධන සැකකරුවෙකු වන මොහු පිළිබඳව යම් තොරතුරක් ඔබ දන්නේ ද? දැනුම් දෙන්න

ස්ථානාධිපති, ශ්‍රී පුර පොලිස් ස්ථානය – 0718591181පොලිස් ස්ථානය, ශ්‍රී පුර – 0252255062 ටී-56 ගිනි අවියකින් වෙඩි තබා 2024.08.16 වන දින අළුයම ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දිය ආසන්නයේ වී වේලමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඝාතනයට කර NP BDG-7865 දරණ සුදු සහ නිල් පැහැති ඩියෝ වර්ගයේ ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පලා ගිය ප්‍රධන අපරාධකරුවෙකු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය. ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ සමරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වීමත් සමඟ අත්අඩංගුවට ගැනීමට වහා ක්‍රියාත්මක වුනද සැකකරු ස්ථීර පදිංචිය අතහැර පලාගොසිනි. ඡායාරූපයන්හි දැක්වෙන එම සැකකරු වෙසෙන ස්ථානයක් පිළිබඳව හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි ප්‍රයෝජනවත් විය හැකි තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව ඉහත සඳහන් දුරකතන අංක අමතා දැනුම් දෙන්න.

Uncategorized

තොරතුරක් දන්නේනම් දැනුම් දෙන්න

2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ සිව් දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව අතුරුගිරිය පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරමින් පවතී. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර එම සැකකරුවන්ගේ ජායරූප මෙහි දැක්වේ. සැකකරුවන්ගේ විස්තර – 01. සම්පූර්ණ නම – තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නොහොත් සංඛජාතික හැඳුනුම්පත් අංකය – 951350753V 02. සම්පූර්ණ නම – පැටි හරඹගේ අජිත් රෝහණ නොහොත් චණ්ඩිජාතික හැඳුනුම්පත් අංකය – 199207801772ලිපිනය – අංක 655/ඒ, මාකුඹුර, අහුන්ගල්ල 03. සම්පූර්ණ නම – මුතුවාදුර තරිදු මදුසංඛ ද සිල්වා නොහොත් බහිරවයා සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දීමට මහජනතාවට හැකියාව ඇත. දුරකතන අංක –01. ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ – 072-422222302. ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය – 071-8591657

Scroll to Top