පොලිස් නිලධාරීන් බහුතරයක් තමන්ට ලැබන මාසික වැටුපෙන් කොටසක් සිය ආධුනික සමයේ සිට පොලිස් ඉතිරිකිරීම් සංගමයේ (PSA) ගිණුමක තැන්පත් කිරීමට යොමුවේ.
එමගින් හදිසි අවස්ථාවකදී මෙන්ම පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමේදී පොලී මුදලක් සමඟ නැවත පහසුවෙන් ලබාගත ගත හැකිවන බැවින් පොලිස් නිලධාරියෙකු මූල්‍ය වශයෙන් අවධානමකට ලක්වීමට ඇති ඉඩ ප්‍රස්ථාව අවම කරයි.
මෙසේ වසර 101 ක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම පොලිස් ඉතිරි කිරීමේ සංගමය දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් සංගමයේ සාමාජික ප්රතිලාභ ලාබී 70000 ක් පමණ වූ පොලිස් නිළධරයන් වෙනුවෙන් ගිනුම් තොරතුරු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ජංගම දුරකතන යෙදවුමක් (APP) 2025.07.18 වන අද දින එම සංගමයේ ගරු සභාපති වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී හඳුන්වාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා පොලිස් ඉතිරිකිරීමේ සංගමයේ පාලන කමිටු සභාපති සහයක සේවා දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා , පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර එහිදී මෘදුකාංගය පරිශීලකයන්ට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි දියත්කළ යුතු ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සහ එහි පහසුකම්, ආරක්ෂාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡාවට බඳුන්විය.