2021.01.15 වන අද දින උදෑසන කුරුණෑගල දී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය ගරු සරත් වීරසේකර මැතිතුමා විසින් වයඹ පළාතේ කුරුණෑගල, පුත්තලම, හලාවත, නිකවැරටිය හා කුලියාපිටිය යන පොලිස් කොට්ඨාසවලට අයත් පොලිස් ස්ථාන 48 හි ස්ථානාධිපතිවරුන්, දිස්ත්‍රික් භාර රාජ්‍ය නිවේදිත නිලධාරීන්, කොට්ඨාස භාර නිලධාරීන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අමතන ලදී.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය බස්නාහිර පළාත විසින් සංවිධානය කරන ලද අඩු ආදායම්ලාභි දරුවන්ට අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ උත්සවයක් මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.01.10 වන අද දින උදෑසන 10.00 ට ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි අභිවෘද්ධිය සහ සැලසුම් සඳහා විශේෂ සාකච්ඡාවක් කොට්ඨාස භාර නිලධාරීන් හා ක්‍රියාකාරී කොට්ඨාස වල අධ්යක්ෂවරු වෙනුවෙන් 2021.01.06 වන අද දින ටොරින්ටන්හී පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
2020.12.31 වන දින පොලොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට පලා ගිය මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 05 දෙනෙකුගෙන් එක් අයකු සොයා ගන්නා ලද අතර අනෙක් රෝගීන් සොයා ගැනීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.