වයඹ පළාතේ පොලිස් නිලධරයින්ගේ දරුවන් සඳහා පාසැල් උපකරණ

වයඹ පළාතේ පොලිස් නිලධරයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.08.03 වන දින කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

ඒ සඳහා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුලු පිරිසක්ද සහභාගි විය. 

එහිදී පාසැල් ළමුන් විශාල පිරිසක් සඳහා පාසල් උපකරණ බෙදා දීම සිදු කරන ලද අතර පැය 24 පුරා රාජකාරි කරමින් දිවයිනේ සාමය සුරැකීමට කැපවන සෑම පොලිස් නිලධාරියෙකුගේම සේවය අගයමින් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පැමිණි පිරිස දැනුවත් කරමින් අමාත්‍යතුමා සහ වැඩබලන පොලිස්පතිතුමා උත්සව සභාව ආමන්ත්‍රණය කරන ලදී.

Scroll to Top