වයඹ පළාත ආවරණය කෙරෙන අපරාධ කොට්ඨාසයට ඇරඹුම

ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන ව්‍යුහය ප්‍රථිසංවිධානය කිරීමට සමගාමීව සෑම පළාතක්ම පළාත් අපරාධ කොට්ඨාසයකින් සවිබලගැන්වීමට නියමිතය ඒ වැහැර පොලිස් සංකීරණය තුල ඉදිකළ වයඹ පළාත් අපරාධ කොට්ඨාසය 2025.08.03 වන දින ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී.

මෙමගින් අපේක්ෂිත කාර්යභාරය අනුව පුත්තලම, කුරුණෑගල, කුලියාපිටිය සහ නිකවැරටිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි සංවිධානාත්මක අපරාධ සහ අපරාධ කල්ලි කණ්ඩායම් මර්දනය කිරීම, නීති විරෝධ මත්ද්‍රව්‍ය ජාලය අකර්මණ්‍ය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සහ සියලු අපරාධ වැලැක්වීම මෙන්ම ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ විමර්ශක කණ්ඩායම් රාජකාරි ඉටුකරනු ඇත. 

මෙම අවස්ථාව සඳහා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, වයඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගි විය.

Scroll to Top