පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් පවත්වාගෙන යනු ලබන Sri Lanka Police නිල යූටියුබ් නාලිකාවට ග්‍රාහකයින් (Subcribes) ලක්ෂයේ සීමාව පසුකිරීම වෙනුවෙන් හිමිවන රිදී සන්නාම පුවරුව (Silver Play Button) මෑතකදී හිමිවිය.
එම ජයග්‍රහණය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ එෆ්.යූ වුට්ලර් මහතා සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වෙබ් හා සමාජ මාධ්‍ය අංශයේ අධීක්ෂණ නිලධාරී සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා විසින් 2025.08.19 වන අද දින උදෑසන පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමා වෙත නිල වශයෙන් භාර කළහ.
මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ මානුෂීය හා ප්‍රජා සත්කාරක සේවාවන් පිළිබඳව සමාජයේ පැසසුමට ලක්වන ආකාරයේ නිර්මාණාත්මක වීඩියෝවන් මගින් මහජනතාවට තොරතුරු ඉදිරිපත් කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැක්වූ සුවිශේෂි හැකියාව කෙටි කාලයක් තුළ ග්‍රාහකයින් 100,000 ක සීමාව පසුකර යෑම සඳහා උපකාරී වූ බව මෙහිදී පැවසූ පොලිස්පතිතුමන්, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා පොලීසිය සහ මහජනතාව අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට දරන උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් බව ප්‍රකාශකළේය.
නීතිය හා සාමය සුරැකීමේ කාර්යයේදී නිවැරදි තොරතුරු ජනතාව වෙත ආකර්ශනීය ලෙස ගෙන යෑමට මෙම යූටියුබ් නාලිකාව තවදුරටත් ආකර්ශනීය ලෙස පවත්වාගෙන යා යුතු බවත් ලොව පුරා ග්‍රාහකයින් ලක්ෂයක් සපුරාලන නිර්මාණශීලී සහ ගුණාත්මක නාලිකා සඳහා ලබා දෙනු ලබන මෙම ගෞරව සම්මානය රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට හිමි කරගැනීමට හැකිවීම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසත් පොලිස්පතිතුමන් අදහස් දැක්වීය.