ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් ඉතිහාසයේ විදෙස් රටක් තුල සිදුකළ විශිෂ්ඨම මෙහෙයුම අතිසාර්ථක ලෙස නිමාකරමින් 2025.08.27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් මෙරට නමගිය සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග, තැඹිලි ලහිරු යන අනුවර්ත නමායන්ගෙන් හදුන්වන සැකකරුවන් 2025.08.30 වන දින රාත්‍රියේ ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී.
මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා දැඩි කැපකිරීම් මධ්‍යයේ සක්‍රියව සම්බන්ධවූ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් මෙන්ම මෙවැනි අවසානයක් වෙනුවෙන් නොමද සහයක් ලබාදී සැකකරුවන් දැඩි අධීක්ෂණය යටතේ ආරක්ෂිතව මෙරටට රැගෙන ඒමට සහය ලබාදුන් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් පිළිගැනීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කළේ ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ රැදී සිටිමිනි.
පොලිස්පතිතුමන් එහිදී සිය සෘජු අධීක්ෂණය යටතේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යටතට පත්කළ අතර දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔවුන්ව භාරදීමට නියමිත විමර්ශන අංශවෙත භාරදෙන තෙක් රඳවාගැනීමට අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී තිබේ.