පොලිස් නිලධාරීන් වෙනුවෙන් වන්කාලේ පොලිස් ස්ථානයට යාබදව ඉදිකළ සන්සෙට් නිවාඩු නිකේතනය 2025.09.01 වන දින සවස පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සුරතින් විවෘත කරන ලදී.
මන්නාරම කොට්ඨාස ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ මෙහි සම්පූර්ණ ඉදිකිරීම් සිදුකර ඇති අතර මූල්‍ය දායකත්වය කොට්ඨාස ප්රතිපදාන මගින් සපයා ඇත.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්.සි.ඒ ධනපාල, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර, මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.කේ.ඒ.ජේ එරික් රංජිත්, මන්නාරම කොට්ඨාස භාරව රාජකාරි ඉටුකළ වත්මන් ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.වයි.ඒ චන්ද්‍රපාල, වන්කාලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැළුම් දර්ශන සෙනෙවිරත්න යන මහත්වරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.