කලක් අබලන්ව පැවති තලෛයිමන්නාරම පොලිස් ස්ථානය භාවිතා කළ භෝජනාගාරය මන්නාරම පොලිස් කෝට්ඨාසයේ පොලිස් ඉංජිනේරු අංශය විසින් කෙටිකාලයක් තුල නවීකරණය කරන ලදී. පොලිස් ත්‍යාග අරමුදලින් මේ සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර පිරිනැමීය.
එලෙස අංගසම්පූර්ණ ලෙස නවීකරණය කළ භෝජනාගාරය විවෘත කිරීම සඳහා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්.සි.ඒ ධනපාල මහතාගේ ආරාධනය මත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 2025.09.01 වන දින සවස තෛලයිමන්නාරම පොලිස් ස්ථානය වෙත පිවිසුනි.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්.සි.ඒ ධනපාල, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර, මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.කේ.ඒ.ජේ එරික් රංජිත්, මන්නාරම කොට්ඨාස භාරව රාජකාරි ඉටුකළ වත්මන් ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.වයි.ඒ චන්ද්‍රපාල, තලෛයිමන්නාරම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක තුෂාර යන මහත්වරුන් එක්විය.