පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසියට නිල වශයෙන් පැවරුනි

2024.03.15 වන දින සිට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වශයෙන් භාවිතා කරමින් පවතින කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටන මහල් 12 කින් සමන්විත ගොඩනැගිල්ල මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.09.03 වන අද දින උදෑසන ශ්‍රී ලංකා පොලිසියට නිල වශයෙන් පවරා දෙන ලදී.

159 වන පොලිස් සංවත්සර දිනය යෙදෙන 2025.06.03 වන දිනයේ සනිටුහන් වූ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සුවිශේෂ සන්දිස්ථානයක් වන මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වය හිමි විය. 

සර්වාගමික ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍යතුමන් නව පොලිස් මූලස්ථානය නිල වශයෙන් විවෘත කර පොලිස්පතිතුමන් වෙත සිය සුභාසිංශන පිරිනමන ලදී.

Scroll to Top