මීගොඩ පොලිස් වසමේ ගොඩගම හන්දිය ආසන්නයේ ඉදිකළ හෝමාගම නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන්, , මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.09.03 විවෘත කරන ලදී.
කොට්ටාව, හෝමාගම, මීගොඩ, අතුරුගිරිය, නවගමුව, කඩුවෙල, පාදුක්ක, හංවැල්ල, කොස්ගම යන පොලිස් ස්ථාන නවයක් හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අයත් වන අතර හෝමාගම කොට්ඨාස භාර නිලධාරියා ලෙස මේ වනවිට රාජකාරි ඉටුකරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි C.D ලියනගේ මහතායි.
ඉතා කාර්යක්ෂම මෙන්ම ඵලදායි මහජන සේවයක් උදෙසා විධිමත් ලෙස ඉදිකළ තිබෙන නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය 071 – 8592113 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධකරගැනීමට ඔබට හැකියාව පවතී.
විවෘත කිරීමේ අවස්ථාව සඳහා පොලිස්පතිතුමන් සමඟ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ප්‍රදීප් කළුපහන මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.