84 වන අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළලේ සමාරම්භය

දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි පොලිස් නිලධාරීන් අතරින් ජාත්‍යන්තර කෙළිබිම සඳහා සන්නද්ධ කළ හැකි ක්‍රීඩා තරු හදුනාගැනීම අරමුණ කරගනිමින් පවත්වන ශ්‍රී ලංකා පොලිසියේ අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල මෙවර තෙදිනක් පුරා පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථාන‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොලිසියේ 84 වන අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ලෙස සනිටුහන් වන මෙවර උළෙලේ සමාරම්භක උත්සවය 2025.09.12 වන අද දින උදෑසන පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව ක්‍රීඩා නායකයින් වන පොලිස් කොස්තාපල් 90433 විජේතුංග නිලධාරියා සහ කාන්තා පොලිස් කොස්තාපල් 7109 සචිත්‍රා හර්ෂණී නිලධාරිනිය විසින් ගිනි සිළුව දැල්වීමත් සමඟ ආරම්භ විය. 

කාන්තා, පිරිමි මීටර් 200 මූලික වටයේ තරඟ, උස පැනීම, දුර පැනීම සහ කඹ ඇදීම වැනි පිටිය හා ජවන තරඟ ඉසව් සමාරම්භක දිනය පුරා පැවැත්වීමට නියමිතය.

Scroll to Top