පොලිස් සේවා වනිතා ඒකකය සහ පොලිස් පවුල් සුබ සාධක සංගමයේ ගරු සභාපතිනී නිතිඥ නිල්මිණි නීටා සමරතුංග මැතිණියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පූර්ණ ආබාධිත / ආබාධිත පොලිස් නිළධරයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් උදෙසා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන් මාලාවේ නැගෙනහිර පළාත තුල ක්‍රියාත්මක කළ පළමු වැඩසටහන 2025.09.01 දින මඩකලපුව පොලිස් අධිකාරි කාර්යාල සංකිර්ණයේදී පැවැත්විය.
එහිදී පුර්ණ ආබාධිත / ආබාධිත නිළදරයන් 38 දෙනෙකු සදහා අත්‍යවශ්‍ය රෝදපුටු,කෘතිම අත්වාරු ,වෝකර් උපකරණ, කිහිලිකරු, මෙට්ට, වැසිකිලි උපකරණ උපකරණද ස්වයං රැකියාවක් සදහා ඉල්ලුම්කර තිබු උපකරණ පරිත්‍යාගයක් සිදුකරන ලදී.
මෙම පරිත්‍යාග සදහා මුළ්‍ය ආධාර සැපයිම SLOGAN ජ්‍යාත්‍යන්තර සංවිධානය විසින් සිදුකරන ලද අතර එම සංවිධානයේ සභාපති ආචාර්ය A.M.I සාදික් මහතා ඇතුලුව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දර මහතා, මඩකලපුව දිසාව භාර නියොජ්‍ය පොලිස්පති M.N.S මෙන්ඩිස් මහතා, පොලිස් සේවා වනිතා ඒකකයේ උප සභාපති නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනවිරත්න මහත්මිය, මඩකලපුව අම්පාර ත්‍රීකුණාමලය කොට්ඨාස භාර නිලධාරී මහත්වරුන්, පොලිස් සේවා වනිතා ඒකකයේ උප ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ෆොන්සේකා මහත්මිය ඇතුලු පොලිස් නිළධරයන් සහභාගි විය.