විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සඳහා ලබාගත් බලපත්රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් අමතර උණ්ඩ ප්රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් එම අවියත් සමඟම අත්අඩංගුංවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන නිලධාරීන් 2025.09.16 දින බදුරලිය ප්රදේශයේදී ක්රියාකර ඇත.
මිලි මීටර් 09 උණ්ඩ යෙදිය හැකි මැගසීනයක්, එම ජීව උණ්ඩ 30 ක් අත්අඩංගුවට ගත් දෑ අතරට අයත් වේ. සැකකරු 51 හැවිරිදි එම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.