2025 – පොලිස් අන්තර් කොට්ඨාස වොලිබෝල් තරඟාලිය නොවැම්බර් මස 05 වන අද දින උදෑසන 06.30 ට කොළඹ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
වොලිබෝල් කුසලාන දිනාගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සෑම පොලිස් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් පැමිණ සිටින කාන්තා පොලිස් කණ්ඩායම් 37 ක් හා පිරිමි පොලිස් කණ්ඩායම් 67 ක් සමඟින් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වුනි.
මෙම කණ්ඩායම් කොට්ඨාස මට්ටමින් පැවැත්වුනු තරඟ මගින් තෝරාගත් අතිදක්ෂ කණ්ඩායම් වන බැවින් අති උද්වේගකර තරඟ මාලාවක් අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත.
2025.11.07 වන දින සවස පොලිස්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන සමාප්ති උළලේදී ජයග්‍රාහක කණ්ඩායම සහ දක්ෂතම ක්‍රීඩකයින්ට හිමි කුසලාන හා තිළිණ පිරිනැමීමට නියමිතය.
තරඟාවලිය අරඹමින් සමාරම්භක ප්‍රතිඥාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් ලබාදෙමින් කණඩායම් හැඟීමෙන් සුහඳශීලීත්වය වර්ධනය කරගනිමින් තරඟාවලිය සාර්ථකව නිමාකිරීමට සුභාසිංශන එක් කළ අතර ක්‍රීඩක ප්‍රතිඥාව පොලිස් වොලිබෝල් කණ්ඩායමේ නායක සුපුන් උෂාන්ත ක්‍රීඩකයා විසින්ද, විනිසුරු ප්‍රතිඥාව ප්‍රධාන විනිසුරු විමලරත්න රාජකරුණා මහතා විසින්ද ලබාදෙන ලදී.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී සමන්තද සිල්වා, පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෂාන්තද සිල්වා, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.ද.එස් පින්නදූව, පොලිස් වොලිබෝල් සංගමයේ ලේකම් ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේමාන්න මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.