දකුණු පළාතේ සුවිශේෂී වැටලීම් හා සාර්ථක වූ විමර්ශන වෙනුවෙන් ත්‍යාග හා ප්‍රශංසා

විෂ මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය මෙරටින් මුලිනුපුටා දැමීම එ්කායන අරමුණුකරනිමින් ගරු ජනාධිපති අනුර කුමාර මහතාගේ උපදෙස් මත ඇරඹූ  ‘ඉවත්වෙනු’ රටම එකට ජාතික මෙහෙයුමේ දෙවන අදියර ආරම්භකරමින්, 2025.11.20 වන දින සවස තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදී සියළු පාර්ශව එක් වූ මහජන හමුවක් පැවැත්වුනි.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවේ ප්‍රධාන අංගයක් ලෙස දකුණු පළාත තුල සාර්ථකව වැටලීම් සිදුකළ පොලිස් නිලධාරීන් අතරින් මත්ද්‍රව්‍ය තොග සොයාගැනීමට මෙන්ම  නීති විරෝධී දේපළ අවි හා උණ්ඩ අත්අඩංගුවට ගැනීමට හැකි වූ, බරපතල ඝනයේ දක්ෂ ලෙස විසඳමින් ගෞරවාන්විත ලෙස පොලිස් රාජකාරි ඉටුකළ පොලිස් නිලධරයන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් අගයමින් ඔවුනට ත්‍යාග මුදල් හා ප්‍රශංසා පිරිනැමීම සිදුකෙරුනි.

අනතුරුව මෑත කාලය තුල දකුණු මුහුදු තීරයේදී විශාල මත්ද්‍රව්‍ය තොග, අවි හා උණ්ඩ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදා නිලධාරීන් ත්‍යාග හා ප්‍රශංසා සමඟින් ඇගයීමට ලක්කළ අතර සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් හා මෙම හමුවට සහභාගී කර නොගත් පුද්ගලික ඔත්තුකරුවන්ද ඇගයීමට ලක් විය.

2025.04.13 වන දින කුඩාවැල්ල ධීවර වරාය අසලදී හෙරොින් ම්ත්ද්‍රව්‍ය කිලෝගෑම් 53 ග්‍රෑම් 300 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ග්‍රෑම් 660 ක්  සමඟ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම.

2018.04.04 දින කොස්ගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවන්, ටී-56 ගිනි අවිය අත්අඩංගුවට ගැනීම.

2020.08.06 දින වීරකැටිය හන්ඹුන්න ප්‍රදේශයේදී ටී-56ගිනි අවියක් හා උණ්ඩ 30 ක් අත්අඩංගුවට ගැනීම.

2020 ජූනි මස 05 හිනිදුම පොලිස් වසමේ සිදුවූ  කාත්තාවකගේ අතුරුදහන් වීමක් මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය කරගෙන සැකකරු අත්අඩංගුවට ගැනීම. 

2023.06.30 දින මාතර හා දෙයියන්දර ප්‍රදේශවලදී AK 47 ස්වයංක්‍රීය ගිනි අවියක්, පිස්තෝල ගිනි අවියක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12080 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම.

එලෙස අදාළ පොලිස් නිලධාරීන්ට  ත්‍යාග හිමි වූ සාර්ථක අත්අඩංගුවට ගැනීම් කිහිපයකි.

ඉදිරියට එළඹෙන මෙහෙයුමේ සක්‍රිය කාලය තුල තවත් සාර්ථකව වැටලීම් සිදුකිරීමට, නායකත්වය ලබාදීමට මෙන්ම තොරතුරු ලබාදීමට කැපවන බව සනාථකරමින් ගරු ජනාධිපතිතුමන්, නිලධාරීන් හා මහජනාතව ඇතුලු වගකිව යතු සියළු පාර්ශව මව්බිය හමුවේ ප්‍රතිඥාවක් ලබාදීම ඉන් අනතුරුව සිදුවිය.

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ හම්බන්තොට දිසාවේ මහා සංඝනායක අතිපූජ්‍ය සපුගහයාය සරණංකර හිමියන් සමඟ අතිපූජ්‍ය සංඝරත්නය හා සර්ව ආගමික නායකයින්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුලුව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමිවිය.

 
Scroll to Top