ආපදා තත්ත්වය සම්බන්ධව තොරුතුරු දැනුම් දීම සඳහා පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයිනට බලපා ඇති හදිසි අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල  අධික වැසි, ගංවතුර, තද සුළං හා නායයෑම් තත්ත්වයන් ඇති වී ඇති අතර, ඇතැම් ප්‍රදේශ වලින් මහජනතාවට ඉවත්වීමේ නිවේදන ද නිකුත් කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

 

උද්ගතවී ඇති මෙම හදිසි තත්ත්වය පිළිබද නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සදහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිතුමාගේ අධික්ෂණය යටතේ පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ  ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

 

 

දුරකථන අංක

Whatsapp අංක

Email ලිපිනය

011 2013051

011 2027148

011 2027149

011 2472757

011 2430912

071 – 8595880
071 – 8595881
071 – 8595882
071 – 8595883
071 – 8595884

 

igp.opsroom@police.gov.lk

 

එසේම සියලු පොලිස් බල ප්‍රදේශයන් හී ඇති වන අපදා තත්ත්වයන් වලට මුහුණදීම සදහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් වශයෙන් පොලිස් ස්ථාන වල සුදානම් කර ඇති අතර, කෙටි දැනුම් දීමකදී ක්‍රියා කිරීමට හැකිවන පරිදි බෝට්ටු, කිමිදුම්කරුවන් ඇතුළු ආපදා උපකරණ ද සූදානම් කර ඇත.

එසේම මෙම අපදා තත්ත්වයන් වලට මුහුණ දීමට මෙන්ම මහජන අවශ්‍යතාවයන් සපුරාලීම සදහා අපදාකළමණාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදා ඇතුළු අනෙකුත් අදාළ ආයතන වල බලධාරීන් සම්බන්ධකර ගැනීම සිදු කර ඇත.

පොලිසිය විසින් අවතැන් වූ තැනැත්තන්ගේ නිවාස හා දේපළ ආරක්ෂා කිරීමට සුදුසු වැඩපිළිවලක්ද සෑම පොලිස් වසමකම ක්‍රියාත්මක කර ඇති අතර, ආරක්ෂිත ස්ථානවල රැදී සිටින අවතැන් වූ පිරිස් වෙත අවශ්‍ය ආරක්ෂාව හා සුබසාධන පහසුකම් සැලසීමටද කටයුතු යොදා ඇත.

 

ශ්‍රී ලංකා පොලීසිය ත්‍රිවිධ හමුදාව ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සමග ආපදාවන්ට ලක්වුවන් බේරා ගැනීම, සහන සැලසීම, එම ප්‍රදේශ වල ආරක්ෂාව සැලසීම ආදී කටයුතු කලමණාකරනය කර සිදු කර ගැනිමට ආවශ්‍ය සහාය ලබා දෙන මෙන් ශ්‍රි ලංකා පොලිසීය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අවදානම් ස්ථාන වලට යාම, ආපදා ස්ථාන නැරඹීමට යාම, ජලයෙන් යට වී ඇති මාර්ග ඔස්සේ අනාරක්ෂිත ලෙස වාහන ධාවනය කිරීම ඇතුළු අපරික්ෂාකාරී කටයුතු වල නොයෙලෙන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසීය තවදුරටත් මහජනතාව දැනුවත් කර සිටී

Scroll to Top