අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහනාධාර බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය මගින් අද (2025 දෙසැම්බර් 02) දින ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන ආරම්භ කරමින්, තෙල්දෙණිය ප්‍රදේශයේ අයහපත් කාලගුණයෙන් අවතැන් වූ සහ පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා බෙදාහැරිමේ කටයුතු පොලිස් මූලස්ථානයේදී සාර්ථකව සිදු කෙරිණි.
මෙම මානුෂීය මෙහෙයුම ගරු පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ද්‍රව්‍ය:
• වියළි ආහාර ද්‍රව්‍ය
• ඇඳුම් පැළඳුම්
• පානීය ජල බෝතල්
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අවතැන් වූ සහ ආපදාවට ලක් වූ ජනතාවගේ පීඩාව අවම කිරීම, ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රධාන අරමුණ විය.