ශ්‍රී ලංකාව හා සහයෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා වන චීන කවුන්සලය විසින් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන සහනාධාර බෙදාදීමේ වැඩසටහන් වෙනුවෙන් අතවශ්‍ය භාණ්ඩ හා ඖෂධ තොගයක්, මුදලින් රුපියල් මිලියන 02 ක් පරිත්‍යාග කරන ලදී.
පරිත්‍යාග භාරගැනීමේ අවස්ථාව 2025.12.03 වන දින උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේදී එම කවුන්සලයේ සභාපති Mr. Zhang Xudong මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.
චීන කවුන්සල නිලධාරීන් හා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.සමන්ත ද සිල්වා මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.