මනා චිත්ත ධෛර්යක් ගොඩනගාගනිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව වගකීම් දැරීමට සුදුසු, කාර්යයශූර, රටට වැඩදායී පුද්ගලයින් වීම සඳහා මෙරට නව යොවුන් වියේ පසුවන්නන් පුරුදු පුහුණු කෙරෙන ශ්‍රී ලංකා පොලිසියේ තෝතැන්න පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාසයයි.
පොලිස් ශිෂ්‍යභට කණ්ඩය තෝරාගන්නා සෑම පාසල් සිසු සිසුවියක්ම අභිමානවත් පුරවැසියෙකු ලෙස මෙරට නීතිය පිළීබඳ දැනුමෙන් අනාගත ලෝකයට සන්නද්ධ කිරීම සඳහාත්, විශේෂඥ ක්‍රම උපායන් මගින් ධරාගැනීමේ හැකියාව ප්රගුණකරවමින් සාර්ථක ජීවිතයකට ඔවුන්ගේ මනස පුහුණු කිරීම සඳහාත් ක්‍රියාත්මක ක්රියාදාමයේ සුවිශේෂ අවස්ථාව පොලිස්පති අභියෝගතා කුසලාන ජාතික පොලිස් ශිෂ්‍යභට කඳවුරට ඔවුන්ව යොමුකිරීමයි.
මෙම ඡායාරූප පෙළින් දිස්වන්නේ කළුතර ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් 2025.10.10 වන හෙට දින දක්වා පැවැත්වෙන 2025 පොලිස්පති අභියෝගතා කුසලාන ජාතික පොලිස් ශිෂ්‍යභට කඳවුරේ මනා ලෙස පුහුණු වූ සිසු සිසුවියන් සිය දරාගැනීමේ සහ අභියෝග ජයගැනීමේ පරීක්ෂණ සඳහා සාර්ථකව පෙනී සිටිමින් හැකියාවන් ප්‍රදර්ශනය කරන අයුරුයි.