රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) සහ LankaPay ආයතනය එක්ව හඳුන්වා දුන් “GovPay” ඩිජිටල් ගෙවීම් ක්‍රමය ඔස්සේ රථවාහන දඩ ගෙවීමේ පහසුකම උතුරු පළාත තුල නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අස්ථාව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.28 වන දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ් ධනපාල මහතා, වවුනියාව දිසාව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා , කිලිනොච්චි සහ මුලතිව් නියෝජ්‍ය පොලිස්පති ජේ. ඒ. චන්ද්‍රසේන මහතා, යාපනය සහ කංකසන්තුරය නියෝජ්‍ය පොලිස්පති ජී. එච්. මාරපන මහතා සමඟ උතුරු පළාතේ පොලිස් කොට්ඨාශ 6 නියෝජනය කරමින් එම කොට්ඨාස භාර අධ්‍යක්ෂකවරුන්, රථවාහන හැසිරවීමේ රාජකාරි සඳහා අනුයුක්ත පොලිස් නිලධාරීන් 150කට වැඩි සංඛ්‍යාවක් සහභාගී විය.
මෙම අවස්ථාවද ඇතුලුව GovPay භාවිතාකිරීමේ තාක්ෂණික දැනුම ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් පසුගිය තෙදින තුල වවුනියාව සහ කිලිනොච්චිය පොලිස් කොට්ඨාස තුල වැඩමුළු පැවැත්වුනු අතර අවශ්‍ය දුරකථන නිලධාරීන් වෙත ලබාදීමද සිදුවිය.
උතුරු පළාත ශ්‍රී ලංකාවේ GovPay මගින් රථවාහන දඩ ගෙවිය හැකි තෙවන පළාතයි. බස්නාහිර සහ දකුණු පළාත තුල මේ වන විටත් Govpay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ සාර්ථකව ක්‍රියාත්මකය. එමගින් GovPay පහසුකම ආරම්භකළ 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා රථ වාහන දඩ මුදල් අයකරගැනීමේ වාර 23,539 ක් වාර්තා වී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 31කට ආසන්න බව LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්නද ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මේ අනුව උතුරු පළාත තුලදීද Govpay හරහා දඩ මුදල් ගෙවීම සඳහා ඔබට දඩ පත්‍රිකාව ලබාදෙන පොලිස් නිලධාරියාගෙන් උපදෙස් ඉල්ලා සිටි හැකිය. ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බවත් දැනුම්දෙන්නෙමු.