අයහපත් කාලගුණය හේතුවෙන් අක්‍රිය වූ දුරකථන කුළුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යමින්

විදුලි බලය ඇණහිටීමෙන් අක්‍රිය වී ඇති දුරකථන කුළුනු යථා තත්වයට පත්කර ගැනීම අවශ්‍ය ජෙනරේටරයක් හා ඩීසල් රැගෙන බල්ලෙකැටුව හා ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් බැල්ලෙකැටුව ප්‍රදේශයෙන් නමුණුකුල කන්ද තරණය කරමින් සිටී.

කඳුකර පෙදෙස්හි විපතට පත්වූවන් මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කණ්ඩායම් සඳහා දුරකථන සන්නිවේදනය අත්‍යවශ්‍යය වී ඇති අතර මෙම ප්‍රයත්නය සාර්ථක වූ පසු ඔබටද දුරකථන මාර්ග ඔස්සේ බදුල්ල ප්‍රදේශය අවට ජීවත්වන සමීපතමයන් සම්බන්ධ කරගැනීමේ පහසුව හිමි වනු ඇත.

Scroll to Top