කොළඹ මධ්‍යම කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 08 හි රාජකාරි නියුතු නිලධාරීන් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රැසකළ වියළි ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් 2025.12.02 වන අද දින උදෑසන පොලිස් කැබ් රථ මත පටවා මධ්‍යම පළාතේ කොත්මලේ ප්‍රදේශයට බෙදා දීම සදහා රත්මලාන ගුවන් හමුඳා කඳවුර වෙත පිටත් කර හරින ලදී.
ආපදා තත්වයට මැදිව පීඩාවට පත්ව සිටින අපේම සහෝදර ජනතාවට හැකි උපරිම අයුරින් අස්වැසිල්ලක් වෙමින් රට නැවත ගොඩනැගීම සඳහා ප්‍රමුඛ පෙලේ දායකත්වය ඉදිරියටත් ලබාදීමට කැපවන්නෙමු.