ඝාතනයකට ඝාතනයකින් පලිගැනීමට සැලසුම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා පෙර සැළසුම් සකස් කරමින්, කුමන්ත්‍රණය කරමින්, එම වරදට ආධාර අනුබල දෙමින්, නීති විරෝධි අයුතු ජනරාශියක සමාජිකයින් වශයෙන් ක්‍රියා කරන ලද සැකකරුවන් 05 දෙනෙකු 2025.12.10 වන දින උදෑසන දෙහිවල පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී තිබේ.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් ආනාවරණය වූ තොරතුරු මත ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඝාතනය 2025.12.06 වන දින දෙහිවල පොලිස් වසමේ වනරතන පාර ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයට පළිගැනීමක් වශයෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය තිබේ.

සැකකරුවන් පස් දෙනා අවුරුදු 22 හා 36 යන වයස්වල පසුවන පංකුලම, රත්මලාන, බොරලැස්ගමුව, හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය

අත්අඩංගුවට ගත් පංකුලම ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් සොයා ගෙන ඇති අතර ඔහු 2025.01.19 වන දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙඩි තබා  ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති අතර එම අපරාධය සම්බන්ධව ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අයෙකු වේ. 

තවද සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත අපරාධය සිදුකිරීම සඳහා භාවිතා කිරීමට සුදානම් කර තිබූ යතුරුපැදියක්ද සොයා ගෙන ඇත. එම යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩුවේ ලියාපදිංචිය අනුව හෝමාගම පොලිස් වසමේදී සොරකමකට ලක්වූ යතුරුපැදියක අංකය බවත් අනාවරණය කරගැනීමට හැකි වී තිබේ. 

සැකකරුවන් 2025.12.11 වන අද දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Scroll to Top