නිසි දෙමාපිය රැකවරනයක් නොමැතිව හෝ පහසුකම් සහිතව පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයකට යොමුවීමට හැකියාවක් නොමැතිව හැදී වැඩෙන දරු දැරියන් වෙනුවෙන් ප්‍රජා පොලිස් කොට්ඨාසය නොමිලේ පවත්වන ලක්විදු පෙර පාසල, 2025 වර්ෂයට නියමිත ඔවුන්ගේ විවිධ ප්‍රසංගය 2025.12.12 වන දින උදෑසන බොරැල්ල ගෝතමී මාවත ප්‍රජාශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
2009 වසරේදී ප්‍රජා සත්කාරයක් ලෙස ආරම්භ කළ ලක්විදු පෙර පාසලේ ඉගැන්වීම් සඳහා අද වන විට ප්‍රජාපොලිස් කොට්ඨාසයේ කාන්තා පොලිස් පරීක්ෂක දීපිකා නිලධාරිනිය ඇතුලුව එම කොට්ඨාසයේ සුදුසුකම් ලත් නිලධාරිනියන් සිව් දෙනෙක් අනුයුක්ත කර ඇත.
කුමන පරිසරයක හැදී වැඩුනද අධ්‍යාපනය ලබාදී ඔවුන්ව නිසි ජීවන මඟට ගැනීම මව්බිමේ සුභවාදී ආනගතයට අයෝජනයක් වන බැවින් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ මෙම ප්‍රජාසත්කාරයට සහය වෙමින් පොලිස් පවුල් සුභසාධක සංගමය, කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමය හා පොලිස් බෞද්ධ සංගමය ලක්විඳු පෙර පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් වෙත ඇඳුම් පැළඳුම්, නිසි පරිදි දෛනික උදෑසන දහවල් ආහාර කිසිදු අයකිරීමකින් තොරව අඛන්ඩව ලබාදෙමින් සිදුකරන මෙහෙවර දරුවන්ගේ භාරකරුවන් විසින් ප්‍රශංසනීයව අගයයි.
එවැනි සියලු සහයෝගයන් සමඟ 35 දෙනෙකු වන මෙවර දරු කැළටද වර්ෂ අවසාන වින්දනීය විවිධ ප්‍රසංගයක නවමු අත්දැකීමක් ලබාදීමට හැකි වීම සතුටට කරුණකි.
ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ්.ආර්.එන් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ඒ්.එස්.එස්.ඒ් ජයතිලක මහතා, ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා, එම කොට්ඨාසයේ ව්‍යාපෘති අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමින්ද රාජපක්ෂ මහතා ඇතුළු ගරුවර, භාරකරුවන් සහභාගී වූහ.
ප්‍රසංගය අතරතුර දරු දැරියන් උදෙසා වූ ත්‍යාග හා තිළිණ ප්‍රධානය සිදු කළ අතර ඒ සඳහා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.කේ ප්‍රියන්ත මහතා ප්‍රධානත්වය ගෙන මූල්‍ය අනුග්‍රහය සපයා ඇති අතර ලංකා බැංකුවද මූල්‍ය අනුග්‍රහය සපයමින් එම කාර්යය මණ්ඩල නිලධාරිනියන් දෙදෙනෙක් ප්‍රසංගය සඳහා එක්වන ලදී.
නිසි රැකවරණයක් නොමැති හෝ පහසුකම් අවම බව තහවුරු වන ග්‍රාම නිලධාරී නිර්දේශයක් සමඟින් පූර්ව ළමා වියේ පසුවන ඕනෑම ප්‍රදේශයක වෙසෙන දරුවෙක් ඇතුලත් කිරීම සඳහා බොරැල්ල ගෝතමී මාවත ප්‍රජාශාලාවේ පවත්වන ලක්විදු පෙර පාසල සතියේ දින පහ තුල විවෘතයි.