විපතට පත්වූ දුෂ්කර පාසල් දරුදැරියන් අස්වැසුමට පොලිස් සේවා වනිතා ඒකකය ඌව පළාතට –

පොලිස් සේවා වනිතා ඒකකයයේ ගරු සභාපතිණි නීතිඥ නිල්මිී නීටා සමරතුංග මැතිණියගේ සංකල්පයකට අනුව එම ඒකකය දිවයිනේ දුෂ්කර පාසල් පිළිබඳව තොරතුරු ලබාගෙන සිසු සිසුවියන් හට පරිත්‍යාගයන් ලබාදීමේ වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වනු ලබයි.

දිවයිනට බලපෑ අයහපත් කළගුණ තත්වයද සැලකිල්ලට ගෙන සංවිධානය කළ එහි තවත් එක්  වැඩසටහනක් නීතිඥ නිල්මිණි නීටා සමරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025.12.15 වන දින රිදීමාලියද්ද, අරාව හා කන්දකැටිය යන පොලිස් වසමේදී පවත්වා ඇත.

එහිදී සුරක්ෂිත මධ්‍යස්ථාන කිහිපයක රැදී සිටින පාසැල් දරුවන් 555 දෙනෙකු උදෙසා වියළි ආහාර ,පානීය ජලය, අත්‍යවශ්‍ය භාණ්ඩ, හා පාසැල් දරුවන් සදහා පාසැල් පොත් හා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ”මහාචාර්ය නන්දදාස කෝදාගොඩ අනුස්මරණ භාරය” මෙම සමාජ මෙහෙවර වඩාත් සාර්ථකව ඉටුකිරීම සඳහා අනුග්‍රහය දක්වා ඇත. 

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, පොලිස් සේවා වනිතා ඒකකයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මිණි ජයවීර, කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දීපාල් ජයතුංග,අරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුලුව පොලිස් සේවා වනිතා ඒකකයේ සහ කන්දකැටිය හා අරාව යන පොලිස් ස්ථානයන්හි නිලධාරීන්ගේ සහයෝගය හා සහභාගීත්වය වැඩසටහන සඳහා හිමිව ඇත.

Scroll to Top