හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 308 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු 2025.12.14 වන අද දින අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට පත්විය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කරගත් තොරතුරක් මත පරීක්ෂාකිරීම සිදුකර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු වයස අවුරුදු 28 ක් වන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
සැකකරු 2025.12.14 වන අද දින මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.