පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන් විසින් මත්කරල් 800 ක් වෛද්‍ය නිර්දේශයක් හෝ ප්‍රවාහනය සඳහා නිසි බලපත්‍රයක් නොමැතිව සන්තතකයේ තබාගෙන අනුරාධපුර පොලිස් වසමේ පුල්ලෙයාර් කෝවිල අසල රැදී සිටි පුද්ගලයෙකු 2025.12.14 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 25 හැවිරිදි අනුරාධපුර මාතලේ හංදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
මත්පෙති 48 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුද පොලිස් විශේෂ කාර්ය බලකායේ පානදුර උප කඳවුරේ නිලධාරීන් විසින් එදින දවටගහවත්ත, මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 50 ක් වන එම සැකකරු වස්කඩුව, මහවස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන සඳහා පිංවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කළුබෝවිල කඳවුරට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් 2025.12.14 දින රාත්‍රී 10.00 ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් කුෂ් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 940 ක්, මත්කරල් 09 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.