119 ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව වෙත වාර්තා වන ඇමතුම් පිළිබඳව විශ්ලේෂනයේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලි වලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් සේවාවන් ලබාගැනීම සඳහා යොමු කළ යුතු පැමිණිලි ලැබී ඇති බව නිරීක්ෂණය වේ.
119 සේවාව සඳහා ඇමතුමක් ලබාගැනීමට අත්‍යවශ්‍ය වන අයකුට හදිසි අවස්ථාවක පොලිස් 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට තිබෙන හැකියාව එවැනි අසත්‍ය පැමිණිලි ලැබීම අතරතුර අහිමිවන බැවින් අත්‍යවශ්‍ය හදිසි පැමිණිල්ලකට ක්‍රියාත්මක වීමේ හැකියාව නොලැබෙනු ඇත.
එවැනි ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර, රජයේ සේවකයෙකු වෙත දැනුවත්ව අසත්‍ය තොරතුරු සැපයීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේද දඩුවම් ලැබිය හැකි වරදකි.
එබැවින් 119 සහය සෘජුවම අවශ්‍ය නොවන අවස්ථාවක එම සහය ඉල්ලා සිටිය හැකි, අදාළ වෙන වෙනත් ආයතන හා සම්බන්ධ වීමට පහත සඳහන් කෙටි දුරකථන අංක භාවිතා කරන්න.
119 කෙටි දුරකථන අංකය අවභාවිතා නොකරන්න.
* Police Emergency Service – 119
* Ministry Of Child Development and Women’s Affairs (Women Help Line)
– 1938
* Ministry Of Child Development and Women’s Affairs ( Child Help Line)
– 1929
* Fire and Rescue Service – 110
* National Transport Commission – 1955
* Drug Organized Crime Issues Emergency Notification unit – 1997
* The Bureau for the Prevention and Investigation of Abuse of Children and women – 109
* Emergency Call Center ( Tamil Medium ) – 107
* Commission to Investigate Allegations of Bribery or Corruption – 1954
* Expressway Emergency – 1969
* Department of Immigration and Emigration – 1962
* National Dangerous Drug Control Board – 1984
* Sri Lanka Bureau Of foreign Employment – 1989
* National Help Desk ( Ministry of Defance) – 118
* Disaster Management Call Center – 117
* Sri Lanka Tourism – 1912
* Government Information Center – 1919