විපතට පත්වූ පොලිස් පවුල්වල දුවා දරුවන්ට සෙනෙහසින් –

“දිට්වා” සුළි කුනාටුවත් සමඟ බලපෑ අයපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ හානියට පත්වූ නිවෙස් ගණන සුළුපටු නොවේ.

වාර්තා වූ සංඛයාලේඛන හා දත්ත අනුව පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් පොලිස් නිලධාරීන්ගේ නිවෙස් 751 ක් පමණ හානියට ලක් වී ඇති අතර අධ්‍යාපනය හඳාරන පොලිස් නිලධාරීන්ගේ දරුවන් 1285 දෙනෙකුට ඉන් සෘජු බලපෑමට ලක්වී පොත් පත් යනාදිය අහිමිවී ඇත.

එම සියළු දුවා දරුවන්ගේ මානසික මට්ටම යහපත් තත්වයට ගෙන ඒම, දේපළ හානියට පත්වී අගතියට පත් වී සිටින පොලිස් පවුල් නැවත නඟා සිටුවීම අරමුණුකරගනිමින් පොලිස් සේවා වනිතා ඒ්කකයේ මූලිකත්වය ගෙන ආරම්භකළ වැඩසටහනක සමාරම්භක අවස්ථාව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.12.19 වන අද දින උදෑසන පොලිස් මූලස්ථානයේ ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව කාර්යාලයේදී පැවැත්වුනි.

පොලිස් සේවා වනිතා ඒකකයයේ ගරු සභාපතිණි නීතිඥ නිල්මිීණි නීටා සමරතුංග මැතිණියගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මූල්‍ය කොමිසමේ සභාපති අරුණ කුමාර ලේඛම් මහතාගේ සම්බන්ධීකරණය යටතේ Prime Lands (Pvt) Ltd ආයතනයේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා හිමිව ඇත.  

වැඩසටහන යටතේ රුපියල් මිලියන 10 ක පමණ මුදල් ප්‍රමාණකින් දිවයින පුරා පොලිස් ස්ථානයන්හි විපතට පත්වූ නිලධාරීන්ගේ සෑම දුවා දරුවෙකුටම පොත්පත් ලිපි ද්‍රව්‍ය බෙදාදීම සිදුකෙරේ. 

සමාරම්භක උත්සව අවස්ථාව සඳහා පොලිස්පතිතුමා සමඟ එම මැතිණිය, පරිපාලන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, සහයක සේවා දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, Prime Lands (Pvt) Ltd ආයතනයේ සභාපති ප්‍රේමලාල් භ්‍රාහ්මණගේ, Prime Lands  ආයතනයේ සම සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය, , පොලිස් මූලස්ථානය නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා, පොලිස් සේවා වනිතා ඒ්කකයේ ප්‍රජා කමිටු සභාපතිනී සන්දීපා සෙව්මිනී, පොලිස් සුභ සාධක කොට්ඨාසයේ අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ.  ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරී මහත්ම මහත්මීන් රැසකගේ සහභාගීත්වය හිමිව තිබූ අතර සංකේතාත්මකව පොත්පත් ලිපිද්‍රව්‍ය ලබාගනිමින් පොලිස් නිලධාරීන්ගේ දරුදැරියන් පිරිසක් සහභාගී විය.

 
Scroll to Top