2025.11.24 දින රාත්රියේ මහව පොලිස් වසමේ සිදුවූ වෙළඳසැල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් පහත ඡායාරූපයේ දැක්වෙන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මකයි.
දේපළ සොරගන්නා ලද ආකාරය දැක්වෙන CCTV දර්ශන මගින් මෙම ඡායාරූපය උපුටාගෙන ඇති අතර සැකකරුගේ ස්වරූපය හොඳින් නිරීක්ෂණය කර අත්අඩංගුවට ගැනීම සඳහා සහය විය හැකි යම් තොරතුරක් දන්නේ නම් නොපමාව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය දැනුවත් කරන්න.
නිකවැරටිය කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය – 037 2260008
ස්ථානාධිපති, කොට්ඨාස අපරාධ විමර්ශන අංශය – 071 8596411