දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුනු අපාදාවන්ට ලක්ව දෙමව්පියන් මිය ගොස් අනාරක්ෂිත භාවයට පත්ව ජීවත්වන දරුවන් පිළිබඳව තොරතුරු ලබාදෙන මෙන් ඉල්ලමින් සමාජ මාධ්‍ය තුල පණිවිඩ සංසරණය වන අයුරු නිරීක්ෂණය වේ.
මෙහි භයානක පැතිකඩ නම්, යටි අරමුනක් හිතැතිව සහන සපයන මුවාවෙන් ඉදිරිපත් වන පුද්ගලයෙකුගේ අපයෝජනයට දරුවෙකු ලක්වීමේ හැකියාව පවතී. ළමුන් භාරගෙන මෙහෙකාර සේවයේ යෙදවීම, කෘරත්වයට පත් කිරීම, නීති විරෝධී කටයුතු සඳහා යෙදවීම සිදුවිය හැකියි.
සත්භාවයෙන් දරුවෙකු නිසි භාරකාරත්වයට ගෙන සුරක්ෂිතව පෝෂණය කරමින් හදා වඩා ගැනීමේ අවශ්‍යතාවය යම් අයෙකුට තිබේද, ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය අනුව ගරු දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් එය ඉටුකර ගැනීමේ හැකියාව පවතී.
අනාරක්ෂිත වූ, අසරණභාවයට පත්වූ දරුවෙකු සම්බන්ධව තොරතුරු ලබාදීමට මෙන්ම ලබාගැනීමට ජාතික ළමා අරක්ෂක අධිකාරිය හෝ පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය පමණක් දැනුවත්කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
එමෙන්ම සමාජ මාධ්‍යයේ දුරකථන අංක පළ කරන නොහදුනන තැනැත්තන් වෙත දරුවන් සිටින ස්ථාන හෝ තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු.