2025 නත්තල් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය, ගාලු මුවදොර ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම

2025 නත්තල් උත්සවයට සමගාමීව කොළඹ නගරය ආශ්‍රිතව පවත්වන සැමරුම් උත්සව, සැරසිලි අසිරිය නැරඹීම සඳහා 2025.12.24 දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත, ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණෙනු ඇත. 

එම ජනතාවගෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය මරදාන, කොල්ලුපිටිය,බම්බලපිටිය,කුරුඳුවත්ත යන පොලිස් වසම් තුළ එදින අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් අධික තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

* ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිටවීම – එන් එස් ඒ වටරවුම,ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම්ඕඩී හන්දිය) බාලදක්ෂ මාවත,අලියානාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම.

* ගාලු මැද පාර,ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථවාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.

* ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියානාන වටරවුම දෙසට හෝ අලියානාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැක.

* බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියානාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන්එස්ඒ වටරවුම දෙසට ගමන් කිරීම.

ඉහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදිකවේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිදු රථවාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. 

කොළඹ නගරයට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත

* පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

* කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත – එම්ඕඩී රථගාල (බේරේවැව දෙසට) 

* කොල්ලුපිටිය/බම්බලපිටිය/වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග 

* කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩීආර් විජේවර්ධන මාවත

* කොම්පඥ්ඤවීදිය පොලිස් වසමේ පාසන්ට් පාර පිටවීමේ තීරුව පමණක් 

* ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථනැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක් 

* කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තිරුව (වම්පස)

* කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ් ආර් සේනානායක මාවත

* කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවත රීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස 

* කුරුඳු වත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස 

* කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස 

* කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතන පාර 

• පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

* පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකිර්ණ රථගාල

* කොටුව පොලිස් වසමේ විමලධර්ම සූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල

* කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල 

* ඩීආර් විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල

* කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත 

* කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදීය

* කොටුව පොලිස් වසමේ ඩියුක් වීදිය

* කොම්පඤ්ඤ්වීදිය පොලිස් වසමේ යුනියන් පෙදෙස ඩෝසන් වීදිය  හන්දිය ඇක්සර් ටවර් රථගාල

* මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම (St’ Clement)

 

 

Scroll to Top