ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය සහ Lanka pay ආයතනය එක්ව එළිදැක්වූ Gov pay මාර්ගගත ගෙවීමේ ක්‍රමය ඔස්සේ රථ වාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම නැගෙනහිර පළාතට ලබාදෙමින් සමාරම්භක වැඩසටහන 2025.12.23 වන දින අම්පාර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි.
Gov Pay භාවිතාකිරීම සඳහා අවශ්‍ය උපදෙස්,දැනුම සහ පුහුණුව වැඩසටහනට ප්‍රධානත්වය ගෙන එක්වූ රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මෙන්ම ICTA ආයතනය නියෝජනය කරමින් එක්වූ ව්‍යාපෘති කළමණාකාර උදාරි විතානගේ මහත්මිය, තාක්ෂණික අංශයේ ඉනුක මායාකඩුව මහතා සහ ලංකා ගෙවීම් (Lanka Pay) ආයතනය නියෝජනය කරමින් එක්වූ සහකාර කළමණාකාර මිගාර සිල්වා මහතා විසින් අම්පාර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලබාදෙන ලදී.
වැඩසටහන අතරතුර මාර්ගගත (Online) දඩ ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීම සඳහා සංකේතාත්මකව නවීන ජංගම දුරකථන කිහිපයක් නිලධාරීන් වෙත ලබාදීමද සිදුකෙරුණි.
අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.බී.කස්තුරිආරච්චි මහතා,අම්පාර දිස්ත්‍රීක් I සහකාර පොලිස් අධිකාරි එච්.බී.ජී.සම්පත් කුමාර වික්‍රමආරච්ච මහතා සහ කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්, තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.ලක්මාල් මහතා ඇතුලුව රථ වාහන අංශවල නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
මේ අනුව ඉදිරි කාලය තුල ඔබට අම්පාර දිස්ත්‍රික්කය තුල Gov pay මගින් රථ වාහන දඩ මුදල් ගෙවීම සිදුකළ හැකි වනු අතර දඩ පත්‍රිකාව ලබාදෙන පොලිස් නිලධාරියාගෙන් ඒ් සඳහා උපදෙස් ඉල්ලා සිටි හැකිය. දඩ මුදල Online (මාර්ගගතව) ගෙවූ පසු එම අවස්ථාවේදීම ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත හැකිය. අවශ්‍යනම් පසුව අවස්ථාවක ගෙවීම සඳහා https://govpay.lk/si/spot-fine උපදෙස් පරිශීලනය කරමින් කටයුතු කළ හැකි බව දැනුම්දෙන්නෙමු.