ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට අනුබද්ධව ශ්‍රී ලංකා පොලිස් ටෙනිස් සංගමය වාර්ෂිකව පවත්වන 2025 – Sri Lanka Police Ranking Tournament තරඟාවලිය 2025.12.19,20,21 යන තෙදින කොළඹ පොලිස් ටෙනිස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුනි.
දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් වයස අවුරුදු 12-16 ත් අතර ළමුන්ට ඒ් සඳහා සහභාගීවීමේ අවස්ථාව සලසා තිබූ අතර පිරිමි හා කාන්තා වශයෙන් තරඟ ඉසව් පැවැත්වුනි.
07 වන වරට පැවැත්වුනු මෙවර තරඟාවලියේ දක්ෂතාවයන් අනුව වයස අවුරුදු 12 න් පහළ ශූරයා වූයේ මතීෂ ෆ්රනෑන්ඩෝ ක්‍රීඩකයායි. සේතිය සිල්වා අනුශූරතාවයට හිමිකම් කියන ලදී.
වයස අවුරුදු 12 පහළ ගැහැණු ශූරතාවය සෙනුලි තිමන්සා වික්‍රමරත්න දිනාගත් අතර එම වයස් කණ්ඩායේ අනුශූරිය නදුලි කුරකුලසූරියයි.
වයස අවුරුදු 16 න් පහළ පිරිමි ශූරතාවය යොනාල් දන්කුඹුර ක්‍රීඩකයා සතු විය. අනුශූරතාවය අකේන් මනෝහරන් ක්‍රීඩකයා හිමිකරගත්තේය.
වයස අවුරුදු 16 න් පහළ ගැහැණු ශූරතාවය යොනෙලි සේනාධීර ක්‍රීඩිකාව දිනාගන්නා ලදී.