2025.12.31 වන දින සවස 2026 නව වසර උදාව සැමරීම උදෙසා ගාලු මුවදොර ආශ්රිත කොළඹ නගරය වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්රමාණයක් පැමිණීම අපේක්ෂා කරන බැවින්, ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්රී ලංකා පොලිසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
විශේෂයෙන්ම කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් වල අධික රථවාහන තදබදය මඟහැරවීම මින් අපේක්ෂා කරයි.