පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රධානව පොලිස් මූලස්ථානයේ නිලධරයන් උදාවූ 2026 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සඳහා ජනවාරි පළමුදින උදෑසන පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී රැස්ව ගෞරවනීය රාජ්‍ය සේවයක් වෙනුවෙන් වූ රාජ්‍ය සේවා ප්‍රතිඥාව/දිවුරුම ලබාදීම සිදුකළහ.
පොලිස්පතිතුමන් එහිදී මාර්ගගත(Online) ක්‍රමය ඔස්සේ දිවයිනේ සියලු පොලිස් කොට්ඨාස ආමන්ත්‍රණය කරමින් රාජ්‍ය නිලධාරීන් ලෙස වඩාත් මහජන මිත්‍රශීලී සේවාවක් ඉුටුකිරීමට කැපවන ලෙසත්, නීතිය සාමය ආරක්ෂාකරමින් වඩාත් සාමකාමී පරිසරයක් පරිසරයක් පවත්වාගැනීමට ප්‍රසංශනීය කාර්ය භාරයක් ඉටුකිරීමට කැපවන ලෙසත් දැනුම්දෙන ලදී.
මව්බිමේ වෙනුවෙන් දිවි පිදූ සියලු නිලධාරීන්, රණවිරුවන් සිහිපත්කිරීමෙන්අනතුරුව සම්ප්‍රදානුකූලව කිරිබත් කැවිලි සහිත තේ මේසය සියලු නිලධාරීන් උදෙසා පිළිගන්වනු ලැබූ අතර පොලිස්පතිතුමන් විසින් ඉදිරියේදී සියලු නිලධාරීන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ආයතනික වශයෙන් ඉටුවන කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරමින් නව වසරට සුභාසිංශන එක්කරන ලදී.
පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුලු ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නායකත්වය හොබවන නිලධාරීන් මෙන්ම කණිෂ්ඨ, සිවිල් නිලධාරීන් මෙහිදී පොලිස්පතිතුමන් වෙත සුභපැතුම් එක්කළහ.