ඩයලොග් මෙගා වාසනා නමැති දිනුම් ඇදීම මගින් මුදල් ත්‍යාග ලැබී ඇති බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචනික ලෙස ලබාගත් අපරාධයක් සම්බන්ධව විමර්ශන සිදුකළ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උතුරු පළාත් ඒකකය, සැකකාර කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු 2026.01.05 දින අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 29 ක් වන එම සැකකාරිය හා සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
“යම් ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් මගින් ඔබට හිමි ත්‍යාග මුදලක් ලබාදීම සඳහා ඔබේ බැංකු ගිණුමේ සියළු තොරතුරු ඉල්ලා සිටියහොත්,
අවසානයේ මුදල් සංසරණයට අවසර ලාබදීම සඳහා බැංකුව විසින් ඔබේ දුරකථනයට යොමුකරන OTP අංකයද ඉල්ලුම් කළහොත් නිසැකවම එම උත්සහය ත්‍යාග ලබාදීමට නොව ඔබගේ බැංකු ගිණුහේ සියලු මුදල් අහිමිකිරීමට බව මතක තබාගන්න.
නවීන බැංකු පහසුකම් භාවිතා කරමින් දුරස්ථව සිදුකරන මෙවැනි අපරාධවල ගොදුරක් නොවන්න.”