ටි-56 වර්ගයේ ගිනි අවියක් හා පතරොම් 16 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුට රැඳවුම් නියෝග

2026.01.07 වන දින රාත්‍රී කාලයේ මීටියාගොඩ පොලිස් වසමේ හරන්නාගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ටී56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසිනයක්, ටී56 වර්ගයේ පතරොම් 16ක්, 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පතරොම් ගැබක් හා හෙරොයින් ග්‍රෑම් 144 සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 44ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

සැකකරු 2026.01.08 වන දින බලපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.01.13 වන දින දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 
Scroll to Top